ජාතික කොඩිය – ආගමික සලකුණු ඡන්ද වැඩට ගත්තොත් බලාගමු

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික සලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ. ජාතික කොඩිය හෝ ආගමික සලකුණු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම කොමිසම ප්‍රකාශ කර සිටී. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ පිළිබඳ […]

ජනාධිපතිවරණයට සල්ලි විසික් කරන්නේ කෝමද?

‍2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව සදහන් කරමින් ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති වියදම් සීමාව මෙසේය. ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109කි. වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් […]

බලශක්ති කළු කතාව අපි අයින් කරලා දෙන්නම්

“අපි ජාතික සැලැස්මක් සකස් කරනවා වැඩිවන විදුලි ඉල්ලුම සපුරා ගැනීම සම්බන්ධයෙන්. විසඳුම් ලෙස මේ ආණ්ඩුව ගේන්නෙ හදිසි මිලදී ගැනීම්. මෙතන තිබෙන්නේ සේවක හෝ ඉංජිනේරු ප්‍රශ්නයක් නෙවෙයි.දේශපාලන ප්‍රශ්නයක්”… යැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක පැවැසීය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජාතික ජනබලවේගයේ විදුලි බල හා බලශක්ති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අනුර […]

වාහන ආනයනය කළොත් බදුත් ඉහළ යන ලකුණු

පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් වාහන ආනයන බදුද ඉහළ නැංවීමට සිදුවන බව රජයේ ආරංචි මාර්ග කියයි. රටේ ජීවන වියදම සලකා බලා වාර්ෂිකව වාහන ආනයනයේදී බදු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී සිටින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් විදෙස් සංචිතවලට බලපෑමක් ඇති නොවන පරිදි එන්ජින් ධාරිතාව 1000 ට […]

ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ

024 වසර ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂයින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ප්‍රකාශ කළේය.ඔවුන් මෙසේය. රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක,සරත් ෆොන්සේකා,නාමල් රාජපක්ෂ,දිලිත් ජයවීර,ඒ.එස්.පී. ලියනගේ,විජයදාස රාජපක්ෂ,නුවන් බෝපගේ,සරත් කීර්තිරත්න,ඕෂල හේරත්,පී.ඩබ්ලිව්.එස්.කේ.බණ්ඩාරනායක,කේ.කේ.පියදාස,සිරිතුංග ජයසූරිය,අජන්ත ද සොයිසා,ආනන්ද කුලරත්න,සරත් මනමේන්ද්‍ර,බත්තරමුල්ලේ සීලරතන හිමි,අක්මීමන දයාරත්න හිමි,සිරිපාල අමරසිංහ,කේ.ආර්. ක්‍රිෂාන්,පානි විජේසිරිවර්ධන,ඇන්ටනි වික්ටර් පෙරේරා,මුහම්මද් ඉල්යාස්,එම්.එම්. ප්‍රේමසිරි,සිඩ්නි ජයරත්න,ටී.එම් […]

නාමල්ට ඇප තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් අද පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කර ඇත.

ජල ගාස්තු 7%කින් පහළට

සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තු සියයට 7කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජල ගාස්තු සංශෝධනය කිරීමට ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20ක් වත්කම් ඉදිරිපත් කර නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් විසිදෙනාට යළි සිහිකැඳවීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාර දිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 169කි. මේ සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකම ජුනි 30 වැනිදාට ප්‍රථම සිය වත්කම් […]

විශ්‍රාමිකයන්ට වැඩි කළ 3000 ඔක්තෝබරයේ සිට

කැබ්නට් අනුමැතිය හිමි වූ විශ්‍රාමිකයන්ගේ රු. 3000ක අන්තර්කාලීන මාසික දීමනාව හිඟමුදල් ද සමග ඔක්තෝබර් මස සිට ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. විශ්‍රාමිකයන් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු. 2500ක දීමනාවට අමතරව වැටුප් විෂමතා ඉවත් කරන තෙක් මෙම රු. 3000ක අන්තර්කාලීන දීමනාව ගෙවන බවද ඇමතිවරයා කියයි. මේ අනුව සැප්තැම්බර් මාසයේ ගෙවිය යුතු […]

වතු දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1700ක් ලබාදීමේ තීරණය පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇති අතර වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.