#දේශීය පුවත්

ජාතික කොඩිය – ආගමික සලකුණු ඡන්ද වැඩට ගත්තොත් බලාගමු

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික සලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ.

ජාතික කොඩිය හෝ ආගමික සලකුණු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම කොමිසම ප්‍රකාශ කර සිටී.

මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ පිළිබඳ සඳහන් බව ද කොමිසම කියා සිටී. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමේදී ඔහු කියා සිටියේ, මීට පෙර පැවැත්වූ මැතිවරණවලදී ද මෙම නීතිය ක්‍රියාත්මක කළ බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *