#දේශීය පුවත්

වාහන ආනයනය කළොත් බදුත් ඉහළ යන ලකුණු

පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් වාහන ආනයන බදුද ඉහළ නැංවීමට සිදුවන බව රජයේ ආරංචි මාර්ග කියයි.

රටේ ජීවන වියදම සලකා බලා වාර්ෂිකව වාහන ආනයනයේදී බදු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී සිටින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් විදෙස් සංචිතවලට බලපෑමක් ඇති නොවන පරිදි එන්ජින් ධාරිතාව 1000 ට අඩු කුඩා පරිමාණයේ වාහන ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධව අවසන් නිගමනයකට එළැඹ නැතැයිද අනාවරණය වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *