#දේශීය පුවත්

ජනාධිපතිවරණයට ඇප ගැනීම හෙට අවසන්

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12.00ට අවසන් කෙරේ.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන (15) පෙරවරු 9.00ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවට දැනට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 32කි.

නාම යෝජනා බාර ගන්නා දින රාජගිරිය මැතිවරණ කාර්යාල පරිශ්‍රයට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවෙන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහුද ආරක්ෂාව සඳහා යෙදවෙති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *