#දේශීය පුවත්

චොකා මල්ලි ආපසු හැරෙයි

රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්‍ෂයට එකතුවීමට නියමිතය.

‘චොකා මල්ලි’ ලෙස ප්‍රසිද්ධියක් උසුලන ප්‍රේමලාල් ජයසේකර පොහොට්ටුවේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂට සහයෝගය දක්වන බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් අපවෙත අනාවරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *