මගේ නම ඉස්සරහට අනුප්‍රාප්තික කෑල්ල දාගන්න උවමනා නෑ

සැප්තැම්බර් 21 වන දින ජනතා තීන්දුවෙන් තමන් නියත ජනපති බවත් තම කණ්ඩායම හා එක්ව රට දිනවන වැඩ පිළිවෙල ඉන් අනතුරුව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සමගි ජන බලවේගය විසින් දිවයින පුරා ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ තවත් එක් අදියරක් ගාල්ල ඇල්පිටියේ පැවති අතර එම අවස්ථාවට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පල කලේය.
ගෝඨාභය රාජපක්ෂ ඉවත්වුන වෙලාවේ මට ජනාධිපතිකම භාරගන්න තිබ්බා. හැබැයි මම කැමති නෑ ජනතා වරමක් නැතිව තනතුරු වරදාන වරප්‍රසාද ගන්න. අපි මෙවර ජනාධිපතිවරණයෙන් බලය ලබා ගන්නේ ජනතාවගේ කැමැත්තෙන් යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.


