#දේශීය පුවත්

පසුගිය මාස 07ට ඩෙංගු මරණ 16ක් වාර්තා වෙයි

2024 වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 16ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ මස 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා ගෙවීගිය දින 10 තුළදී ඩෙංගු රෝගීන් 1308 ක් වාර්තා වී ඇත. 2024 වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා කාලයෙහිදී ඩෙංගු රෝගීන් 34053 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඩෙංගු රෝගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍රදේශ 21ක අධි අවදානම් මට්ටමින් පැතිර යන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *