නෙල්කාට ලොව හොඳම දෙවැනි විනිසුරු සම්මානය

මෙවර ඔලිම්පික් බොක්සිං තරග විනිශ්චය කල විනිසුරුවන් අතරින් නෙල්කා ශිරෝමලා ලොව හොඳම දෙවැනි බොක්සිං විනිසුරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි.
ප්‍රංශයේ රෝලෑන්ඩ් ගාරෝස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී බොක්සිං තරග නිමාවීමෙන් අනතුරුව පෙරේදා දින සහභාගිවූ විනිසුරුවන් ඇගැයීමට ලක්වූ අතර, ලොව ප්‍රමුඛතම බොක්සිං විනිසුරුවන් 40ක් අතුරින් නෙල්කා ශිරෝමලා දෙවැනි තැනට පත්වීම ශ්‍රී ලංකාවට ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ හිමිවූ කීර්තියකි.