මම කාත් එක්කවත් නෑ

ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිම අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා ඇත.
හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී ඇතැම් පාක්ෂිකයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පලකරන ලෙස ඉල්ලා සිටියද ඇය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කල බව වාර්තාවේ.