#දේශීය පුවත්

කොළඹ වරායේ නැවක් ගිනිගනී

කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුවී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පවසයි.

එහිදී ක්‍රියාත්මක වූ වරාය ගිනි නිවන ඒකකය ඇතුළු වරාය කාර්ය මණ්ඩලය ගින්න පාලනය කර නිවාදැමීමට සමත් වූ බවත් ගින්න නිවා දැමීමට නොහැකිව පැතිර ගියේ නම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවත් එම නිලධාරියා සඳහන් කලා.

ගින්න හේතුවෙන් අදාල නෞකාවට සිදුවූ හානිය මේ දක්වා තක්සේරු කර නොමැති බවත් කෙසේ වෙතත් නෞකාවේ තිබුණු භාණ්ඩවලට සහ නෞකාවට විශාල හානියක් වී ඇති බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *