#දේශීය පුවත්

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක්

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බවට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංසදය සඳහන් කළේ.

එම ව්‍යාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කළ නිවේදන ලෙස සමාජ මාධ්‍යයේද විවිධ පෝස්ට් හුවමාරු වන බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.

කෙසේ වෙතත් එම පළකිරීම් කොමිෂන් සභාවෙන් නිකුත් නොකළ ඒවා බවටයි පසුව අනාවරණ වී ඇත්තේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *