#දේශීය පුවත්

අරගල ක්‍රියාකාරීන් පසුපස බුද්ධි අංශ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බංග්ලාදේශයට සමගාමීව මෙරට තුළද අරගලකාරී වාතාවරණයක් ඇති කිරීමට අරගලයට මුල් වූ ක්‍රියාකාරීන් උත්සාහ කරන්නේද යන්න අධ්‍යයනය කිරීම සඳහා මෙරට බුද්ධි අංශ වෙත උපදෙස් ලැබී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව මෙරට අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ සමාජ ජාලා ක්‍රියාකාරකම් මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් වෙන වෙනම අධ්‍යයනය කිරීමට සියලු බුද්ධි අංශවලට උපදෙස් ලබාදී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කරයි.

මෙරට ජන අරගලය සහ බංග්ලාදේශයේ අරගලය ඇතිවූ මොහොතේ බලධාරීන්ට පාලනය කිරීමට නොහැකි වූ කරුණු වෙන වෙනම අධ්‍යයනය කිරීමද අරඹා ඇතැයි හෙතෙම වැඩිදුරටත් අනාවරණය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *