තරුෂි ඇමරිකාවට

ඔලිම්පික් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වී මෙයට දින දෙකකට කලින් පැරිසියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඉදිරි මාස දෙකක පමණ කාලයකදී ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා අමෙරිකාව බලා පිටත්වීමට සූදානම් වෙයි.
විශ්වවිද්‍යාල කිහිපයකින්ම ඇයට ඇතුළත් වීමේ අවස්ථා ලැබී තිබුණද ක්‍රීඩාව හා අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තෝරාගත් බව තරුෂි කරුණාරත්න පවසයි. එම අමෙරිකා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට එකඟතාව පළ කර ඇති හෙයින් එය වඩාත් සුදුසුම ස්ථානය බවට හඳුනාගත් බවද ඇය ප්‍රකාශ කරයි.
මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු 2:06.66ක කාලයක් ගත කළ අතර ආසියානු රන් පදක්කම් දිනූ තරුෂි කරුණාරත්නගේ පැරිස් ඔලිම්පික් ධාවනය ලොව අතිදක්ෂ ක්‍රීඩිකාවන් අතුරින් එලෙස නිමාවට පත්විය.