#දේශීය පුවත්

අද ජන­පති රනිල් වැනි නාය­ක­යෙක්ව බංගලිදේශය සොයනවා

සිසු අර­ග­ල­ක­රු­වන්ගේ ක්‍රියා­කා­ර­කම් හමුවේ ගිනි ගොඩක් බවට පත්වූ බංග්ලා­දේ­ශය, මෙරට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැනි නාය­ක­යෙක් සොය­මින් සිටින බව වන­ජීවී හා වන සම්පත් සංර­ක්ෂණ සහ වාරි­මාර්ග ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය අව­ධා­ර­ණය කළේය.

ඒ මහ­ත්මිය මේ බව සඳ­හන් කළේ “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රද­ර්ශන හා සම්මේ­ලන මධ්‍ය­ස්ථා­නයේ දී ඊයේ (09) පෙර­ව­රුවේ පැවති කාන්තා සමු­ළුව අම­ත­මිනි.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති මේ සඳහා පක්ෂ භේද­යෙන් තොරව දිව­යින පුරා ප්‍රධාන කාන්තා සංවි­ධා­න­වල සහ ශාඛා සමිති සභා­ප­ති­ව­රි­යන් සහ නියෝ­ජි­ත­ව­රියෝ විශාල පිරි­සක් එක්ව සිටි­යහ. ප්‍රකෘ­ති­මත් වෙමින් පව­තින මෙරට ආර්ථි­කය ස්ථාවර කර­මින් දියු­ණුව කරා ගෙන යාමේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ වැඩ­පි­ළි­වෙ­ළට තම පූර්ණ සහාය පළ කරන බවට මෙහිදී කාන්තා සංවි­ධාන නියෝ­ජි­ත­ව­රියෝ ජන­පති හමුවේ සපථ වූහ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඇමැ­ති­ව­රිය මෙසේද පැව­සු­වාය.

එවැනි ඉර­ණ­මක් අපේ රටට එදා උරුම නොවුණේ මේ මාතෘ­භූ­මි­යට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැනි නාය­ක­යෙක් බිහි වූ නිසායි. එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා රටින් පිටව ගිය අව­ස්ථාවේ මේ මාතෘ­භූ­මියේ කිසිදු ලේ වැගි­රී­මක් සිදු­වී­මට ඉඩ නොතබා රාජ්‍ය­ත්වය ස්ථාපිත කර­මින් රට නැවත යථා තත්ත්ව­යට පත් කළේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යායි. මාතෘ­භූ­මියේ නිවැ­රදි තීන්දු තීරණ ගන්නා කාන්තා­වන් ලෙස පක්ෂ පාට පසෙ­කලා, එකම පවු­ලක් ලෙස ඔහුගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් එකතු වී සිටි­නවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *