හදපු නැව වරායේ නවත්තලා තියන්නේ නෑ

ජනපති සටනට පිවිසි තමා අභියෝගය භාරගත් බවත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතිවන්ත වන බවත් නාමල් රාජපක්ෂ තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
එම සටහන මෙසේය.
“නැවක් වරායේ නැංගුරම්ලා තබන තුරු එය සුරක්ෂිතය. නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවේ.
අභියෝගය බාරගනිමි. මේ සටන ඔබ සමඟ ජයග්‍රහණයෙන්ම අවසන් කරමි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වෙමි. සපැමිණි සහ සුබ පැතූ සැමට හදවතින්ම ස්තූතියි”