දළදා පෙරහැරේ ටිකට් ජාවාරමක්

මහනුවර ශ්‍රී දළදා පෙරහර නැරඹීම සඳහා මාර්ගය දෙපස ආසන පනවන සමාගම් සමහර ආසන රුපියල් තිස්දහසේ සිට රුපියල් පනස්දහස දක්වා මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව දළදා මාලිගාවේ දිය වඩන නිලමේ නිලංග දෑල සඳහන් කරයි.
“මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර අගෝස්තු 10වනදා ආරම්භ වෙනවා. කුඹල් පෙරහැර වගේම රන්දෝලි පෙරහැරත් අගෝස්තු 19 දක්වා පවැත්වෙනවා.මේ කලය තුළ පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස නිශ්චිත ස්ථාන වෙන්කරලා පෙරහර නැරඹීම සඳහා අසුන් පනවන්න ටෙන්ඩර් කැඳවලා භාර දෙනවා. මෙලෙස ටෙන්ඩර් ලබා ගන්න අය ගෙන් ශ්‍රී දළදා පෙරහර භාරයට කුඹල් පෙරහර කාලයේ එක් ආසනයකට රුපියල් තුන්සියයක් හා රන්දෝලි පෙරහර කාලයේ එක් ආසනයකට රුපියල් අටසියයක් බැගින් කුලියක් ගෙවනවා. නමුත් සමහර තැන්වල මේ ආසන දිනකට රුපියල් තිස්දහසේ සිට පනස් දහස දක්වා අලෙවි කරන බවට තොරතුරු ලැබි තිබෙනවා” යැයිද නිලමේවරයා හෙළිකරයි.