#දේශීය පුවත්

ජනපති සටනට මේ වනවිට අපේක්ෂකයින් 24ක්

මෙවර ජනාධිපතිවරණය සඳහා අද වනවිට අපේක්ෂකයින් 24 දෙනෙක් මුදල් ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉන් 11 දෙනෙකු පිලිගත් දේශපාලන පක්ෂ වලින් වන අතර 12දෙනකු ස්වාධීන අපේක්ෂකයන් ලෙස ද එක් අයෙකු වෙනත් දේශපාලන පක්ෂයකින් ද ඉදිරිපත්ව ඇතැයි සඳහන් කරයි.

මෙලෙස අපේක්ෂකයින් ඉහළ යාමෙන් ඡන්ද පත්‍රිකාව ඇ4 කොලයක ප්‍රමාණයෙන් මුද්‍රණය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව එකම කොලය දෙකට බෙදා සකස් කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත උපදෙස් දී ඇතැයිද ඒ මහතා පවසයි.ඡන්ද පත්‍රිකාව විශාල වූ විට ඒ සඳහා වැයවන මුදල ද ඉහළ යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *