විදෙස් සංචිත පහළට

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූලි මාසයේ දී පහළ ගොස් තිබේ.
2024 ජූනි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජූලි මාසයේ දී ඩොලර් මිලියන 5,649 ක් දක්වා 0.1% කින් අඩු වී ඇත.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජූලි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් වේ. මෙය 2024 ජූනි මාසයේ දී වාර්තා වී ඇති ඩොලර් මිලිය 5,605 ට වඩා 0.6% ක අඩු වීමකි.