මෙරට රූපවාහිනි ඉතිහාසයේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව දිවි සැරිය නිමකරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා, සුමනා නෙල්ලම්පිටිය ( අවු.80) අභාවප්‍රාප්ත වෙයි.
1962 ජූලි 01 වැනිදා ඒ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක් ලෙස ගුවන් විදුලි සංස්ථාවට එක්වන සුමනා නෙල්ලම්පිටිය මහත්මිය “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” “රේඩියෝ සඟරාව වැනි අතිශය ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කල නිවේදිකාවකි.
ඒ වගේ ම සුමනා නෙල්ලම්පිටිය යනු මෙරට රූපවාහිනි ඉතිහාසයේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව ය. එකළ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත් , ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට ඇය එක් විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “උම් අල් ක්වේන්” ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන්විදුලි නාලිකාවේ ශ්‍රී ලාංකේය නියෝජනය ඇයගේ හඩින් මුසුවිය.