#දේශීය පුවත්

එළඹෙන සතියේ දින දෙකක් ග්‍රාම නිලධාරීන් වර්ජනයක

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව අත්තනෝමතික ලෙස ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බව ද එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *