#දේශීය පුවත්

රට භාර­ගන්න පුළු­වන් නාය­ක­යෙක් ගැනයි ජනතාව සිතිය යුත්තේ

බංගලිදේශයේ අද ඇතිවී ඇති තත්වය අපේ රටේ ඇති වෙන්න නොදී 2022 රට රැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව කෝට්ටේ ආස­නයේ ප්‍රධාන සංවි­ධා­යක දිනේෂ් විදා­න­ප­ති­රණ පවසයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පලකලා.

එහිදී වැඩි­දු­ර­ටත් දිනේෂ් විදා­න­ප­ති­රණ, “බංග්ලා­දේ­ශයේ ඇති වූ සිදු­වී­මත් සමඟ තුන්සි­ය­ය­කට අධික පිරි­සක් මර­ණ­යට පත්වෙ­මින් අග­මැ­තිනි ෂික් හසීනා මහ­ත්මි­යට ඉල්ලා අස්ව­න්නට සිදු­වුණා. ඇය රටින් පලා ගියා කියන එක මාධ්‍ය­වල වාර්තා වුණා. ඒ වගේම එහි හමු­දා­ප­ති­ව­රයා අන්ත­ර්වාර පාල­න­යක් වෙනු­වෙන් සියලු දෙනා­ටම එකතු වෙන්නැයි කියන ආරා­ධ­නය කළා.

2022 වර්ෂයේ ශ්‍රී ලංකා­වේත් එවැනි ප්‍රශ්න­යක් ඇති­වන්න යන මොහොතේ විපක්ෂ පක්ෂ නාය­ක­ව­රයා අග­මැති ධුරයේ වැඩ භාර ගන්න බැහැ කියා කොන්දේසි දැම්මා. අනුර කුමාර දිසා­නා­යක පැත්ත­ක­වත් ආවේ නැහැ. ඒ මොහොතේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැති ධුරය භාර අර­ගෙන ආර­ක්ෂක අංශ දැනු­ම්වත් කර ජාතික ජන බල­වේ­ගය පාර්ලි­මේ­න්තු­වට ගිනි තියන්න අණ දෙන මොහොතේ ඒ සියල්ල වළ­ක්ව­මින් මේ රට ගිනි ගොඩක් වෙන්න ගිය දේ නව­ත්වන්න හැකි­යාව ලැබුණා.

මැති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත්කර තිබෙන මේ මොහොතේ රනිල් වික්‍ර­ම­සිංහ ප්‍රමුඛ මේ රජය ගෙන යන වැඩ­පි­ළි­වෙළ නැව­තත් සිහි­යට නඟා ගැනී­මට හොඳ උදා­හ­ර­ණ­යක් ලෙස සඳ­හන් කරන්න පුළු­වන්. ඒ වගේම මේ රටට විදේශ ප්‍රේෂණ එවන්න එපා කියා ජාතික ජන බල­වේ­ගය එතෙර සිටින ජන­තා­වට ප්‍රකාශ කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *