#දේශීය පුවත්

පාඨලීත් අද සජිත්ට එක්වෙයි ?

සමගි ජන බලවේගය ප්‍රමුඛ කරගත් විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානය ට අත්සන් තැබීම අද පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන උත්සවයකදී සිදු කරනු ලබයි.

පසුගිය කාලය පුරා සමගි ජන සන්ධානයෙන් ඉවත්ව කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නායකත්වය දරණ එක්සත් ජනරජ පෙරමුණද අද දිනයේ සන්ධාන ගතවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙම සන්ධාන ගතවීමට එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යමකාරක සභාව දැඩි විරෝධය දක්වා ඇතත් එහි දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ බලකිරීම හා උවමනාව මත පාඨලී සන්ධානගතවීමට කැමැත්ත පලකල බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම සන්ධාන ගතවීමෙන් එක්සත් ජනරජ පෙරමුණ දෙකඩවිමේ වැඩි ඉඩක් පවතින බවද අනාවරණය වෙයි.

එමෙන්ම මහාචාර්ය ජී .එල් පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව ද නිල වශයෙන් එක්වීමට නියමිතය. ඒ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සන්ධානට අත්සන් තබනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *