අවධානමට පෙර සූදානම යැයි කියමින් ඊශ්‍රායලය භූගත රෝහල් හදයි

ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකදී තුවාල ලබන සිය පුරවැසියන්ගේ සහ හමුදා සෙබළුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රායලය භූගත රෝහල් ඉදි කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඊශ්‍රායලයේ හයිෆා නුවර ඉදි කරන එම භුගත රෝහල් දහස් ගණනක ඇඳන්වලින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක් ලෙස සකස් කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
එම රෝහලේ ඇඳන් 2,000කට අධික ප්‍රමාණයක් සවි කර ඇතැයි ද, යුද ගැටුම්වලින් බරපතළ තුවාල ලබන පුද්ගලයන්ට එම රෝහලේදී ප්‍රතිකාර ලබාදීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.