#දේශීය පුවත්

2024 ජනාධිපතිවරණයට දැනට 22ක් ඇප බදියි

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 22ක් දක්වා ඉහළගොස් තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ 11කින් ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනය කරයි.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන, සිරිපාල අමරසිංහ , කේ.ආර්. කිෂාන්,සරත් චන්ද්‍රලාල් , අනුර කුමාර දිසානායක,පානි විජේසිරිවර්ධන,වික්ටර් පෙරේරා ,මුහම්මද් ඉල්යාස් සහ මානගේ පේමසිරි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *