අපරාධ නීතිය යටතේ ලාල් කාන්තව අත්අඩංගුවට ගන්න

ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්තව අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කලේ යැයි ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා ඒ මත ඔහු අත්අඩංගුවට ගත හැකි බවයි.
අනිත් කට්ටිය වගේ නෙවෙයි ලාල් අවංක මනුස්සයා. ඇත්ත කියනවා. හිතේ තියෙන දේ කියනවා. මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියෙනවා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුම් කළා කියලා අමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීතිය ක්‍රීයාත්මක වුණා නම් ආණ්ඩුව දැන් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි යැයිද ගම්මන්පිල ප්‍රකාශ කරයි.