#දේශීය පුවත්

අනුර ජනාධිපති වෙනකම් මිනිස්සු නොඉවසිල්ලෙන් ඉන්නේ

ප්‍රපාතයෙන් රට බේරා ගැනීම සඳහා නිවැරදි දැක්මක්, වැඩ පිළිවෙළක් ඇති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට භාරදීමට ජනතාව සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්‍ෂකයා වන ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එසේ සඳහන් කළ අතර ලබන 15 දා සිය පක්ෂය වෙනුවෙන් නාමයෝජනා භාරදීමට සූදානම් බවද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ පැවැසුවාය.

” ශිෂ්ට සම්පන්න පාලනයක් ගෙනයා හැකි නායකයකු තෝරාගන්න වසර ගණනාවක් රටේ ජනතාව බලා සිටියා. තව දින 48 ක කාලය තුළ ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ජනතාව ඒ වෙනුවෙන් උනන්දුවෙන් බලා සිටින බව කිව යුතුයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *