#දේශීය පුවත්

මගේ දේශපාලන ගුරුවරයා රනිල්

තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බවද හර්ෂ ද සිල්වා මහතා කීය.

“රෝයල් තෝමියන් මැච් එකේදිත් අපා හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා ඉන්නවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ.

හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලන වශයෙන් තමයි ප්‍රශ්නෙ තියෙන්නේ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.

“මේ අය” සමග එකතු වී ඉදිරිපත් කර තිබෙන මොඩලයට විරුද්ධ බව කී හර්ෂ ද සිල්වා මහතා “ඒ කට්ටියත්” ඒක තේරුම් අරගෙන නැතැයි ද කොළයක් බලාගෙන නොම්බර වගයක් කියවනවා පමණක් බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *