#විදෙස් පුවත්

අමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක්

ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වුණු රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි එම මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් එක්සත් ජනපද සේවා සාමාජිකයන් පස් දෙනෙකු සහ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පැවසෙනවා.

එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත්තේ තම නිලධාරීන්ට එරෙහි එල්ල වන ප්‍රහාර එක්සත් ජනපදය නොඉවසන බවයි.

ඉරාක රජයේ ආරක්ෂක මාධ්‍ය අංශය පැවසුවේ දියත් කිරීමට සූදානම් කර තිබූ රොකට් 8ක් සහිත ට්‍රක් රථයක් එරට හමුදා භාරයට ගෙන ඇති බව සහ හමුදා කඳවුරට ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *