#දේශීය පුවත්

අධිවේගයේ මිලියන 913ක සොරකමක්

අධිවේගි මාර්ගයන්හි ඇති වත්කම් ආරක්ෂාකරගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් වයර්,තඹ කම්බි, ආරක්ෂිත වැටවල යකඩ , සාමාන්‍ය කම්බි හා දේපළ සොරකම් කිරීම සමග හානිවීම් වාර්තා වි ඇත. එම හානිවීම්වල වටිනාකම ඉකුත් වර්ෂයෙහි (2023) රුපියල් මිලියන 913.17ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

අධිවේගී මාර්ගවල රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට පහසුකම් සැපයීම සඳහා වාර්ෂිකව වැයකරනු ලබන රුපියල් මිලියන 150ද ඇතුළුව රුපියල් මිලියන 2000කට වඩා වැඩි වියදමක් දරන බවද මෙකී වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම දේශීය විදේශීය අරමුදල් භාවිත කරමින් රුපියල් මිලියන 767,630ක පමණ වටිනාකමකින් යුතු අධිවේගී මාර්ග කි.මි.312.6ක් ඉදිකොට ඇත. මෙම මාර්ගවල සියලුම පරිපාලන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *