#දේශීය පුවත්

රට යන්න සත පහක් වියදම් උනේ නැහැ

තම විදේශ සංචාරයන් සඳහා රුපියල් මිලියන 70ක මුදලක් වියදම් කර ඇති බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට සියලු විදේශ සංචාරයන් සඳහා වියදම් ඇත්තේ රුපියල් මිලියන 3.37ක පමණ මුදලක් බවයි.

තමන්ගේ ඉන්දියා සහ චීන සංචාර සඳහා එම රටවලින් අනුග‍්‍රහය දැක්වූ බවද පැවසූ ඔහු තමන් වියදම් කළේ දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව, ස්වීඩනය, එංගලන්තය, ජපානය වැනි රටවල සංචාර සඳහා පමණක් බවද කියා සිටියි.

ඒ සඳහා වියදම් වූ සියළු මුදල් වියදම් කරනු ලැබුවේ එම රටවල ජාතික ජන බල වේගයේ ශාඛාවන්හි පිරිස් විසින් බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *