අවලංගු වුවත් වාර්තා ගත දක්ෂතාවක්

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර අරුණ දර්ශන මීටර 400 ඉසව්වේ සිය අවසන් පූර්ව තරගයට සහභාගි වූ අතර එහි දී වූ මංතීරු නීති උල්ලංඝනයක් හේතුවෙන් ඔහුට සිය දක්ෂතාව අහිමි වී ගියේය.
ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගයේ අරුණ ධාවනයේ යෙදුණු අතර එහිදී ඔහු තත්පර 44.75ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය. ඒ අනුව ඔහු වේගවත්ම ක්‍රීඩක ලැයිස්තුවේ මුල් 15 දෙනා අතරින් තරගය අවසන් කළේය.
නමුත් පසුව වාර්තා වූ නීති උල්ලංඝනය හේතුවෙන් මෙම දක්ෂතාව අරුණට අහිමි වී ගියේය.
යම් හෙයකින් මෙය වලංගු දක්ෂතාවක් වූවා නම් ඔහු ලබන වසරේ දී ජපානයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ සෘජු සුදුසුකම් ලැබීම පරිසාධනයද සපුරනු ඇත.
චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට