අපි ළග දරුවන්ට හොද ආදායමක් හොයන්න සැලසුමක් තියෙනවා

අපිට වැඩපිළිවෙලක් තියෙනවා මේ රටේ අම්මා තාත්තගෙ දරුවට හොඳ ආදායමක් අරගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. අපිට වැඩපිළිවෙලක් තියෙනවා ඔබේ දරුවට ජාතික වගේම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ රැකියාවන් කරන්න පුළුවන් අධ්‍යාපනයක් දෙන්න. අපි ඒ වෙනුවෙන් ආණ්ඩුවක් නිර්මාණය කරනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසන සම්මේලනය අමතමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කලේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ ”ආර්ථිකය වැටෙන්න පටන් ගත්තෙ කොවිඩ්වලින් විතරක් නෙවෙයි, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක. යහපාලන ආණ්ඩුවෙන් විදුලි උත්පාදනය නැවැත්තුවා. සාම්පූර් බලාගාරය, උමා ඔය බලාගාරය නැවැත්තුවා. ඒ එක කොට්ඨාශයක් තවත් දේශපාලන පක්ෂයකට චෝදනා කරනවා. ඒ අය උසාවි ගියා කියලා. තවත් දේශපාලන කොට්ඨාශයක් තවත් කණ්ඩායමකට චෝදනා කරනවා. අවසානයේ රටේ ජනතාවට විදුලිය නැති වෙන්න පටන් ගත්තා. ඒ බර කඩන් වැටුණෙ ගෝඨාභය මහත්තයාගේ කර උඩට.


