බුද්ධි අංශ වාර්තා වල ජනාධිපති අනුර

විදෙස්ගත ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මාළිගාවත්ත P.D. සිරිසේන පිටියේදී පැවති “අදිටන” විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුවට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මේ දහස් පලකරන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවද හෙලිදරව් කල අතර එළඹන සැප්තැම්බර් 21 වනදා නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් ප්‍රකාශ කලේය.


