මීටර 100 පිරිමි රන් පදක්කම අවුරුදු 20කට පසු ඇමරිකාවට

පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ ජය වාර්තා කිරීමට අමෙරිකාවේ නෝවා ලයිල්ස් සමත්විය. නෝවා තරගය නිම කිරීමට වාර්තාකළ කාලය තත්පර 9.784 කි.
මීටර 100 ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ජැමෙයිකාවේ කිෂාන් තොම්සන් සමත් වූ අතර ඔහු වාර්තාකළ කාලය තත්පර 9.789ක්.
2004 ඔලිම්පික් උලෙලේ මිටර 100 ජස්ටින් ගැට්ලින් විසින් දිනා ගැනීමෙන් වසර 20කට පසුවයි නෝවා ලයිල්ස් ඊයේ මෙම ජයග්‍රහණය ඇමරෙකාවට රැගෙන යනු ලැබූවේ.