#දේශීය පුවත්

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05දා) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *