සංක්‍රමණිකයන්ට එරෙහිව එංගලන්තය ප්‍රචණ්ඩ වෙයි

එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක, සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී ඇත. ඊයේ දිනයට පමණක් ප්‍රචණ්ඩකාරීන් 87 දෙනෙක් පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබේ.
දක්ෂිණාංශික විරෝධතාකරුවන්, කඩසාප්පු කොල්ලකමින්, අලභහානි සිදු කරන බවත්, මුස්ලිම් වැසියන්ට පහර දෙන බවත් වාර්තා වේ.කලහකාරී පිරිස් මර්දනයට පොලිසිය යොදවා ඇති අතර, හටගත් ගැටුම්වලින්, පොලිස් නිලධාරීන් කීප දෙනකු ද තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.