ගල්බොඩ නාහිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද

අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද(05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
දිවයින පුරා සිටින බෞද්ධ ජනතාව ගම්බිම්වලින් බස් රථවලින් පැමිණ අවසන් ගෞරව දැක්වීමට දිගු පෝලිංවලට එක්ව සිටි අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන වර්ග සැපයීමට ස්වේච්ඡාවෙන් ආයතන එක්ව සිටිනු දක්නට ලැබුණහ.