#දේශීය පුවත්

අද පාන්දර වෙඩි තැබීම් 05ක් පොලිස් නිලධාරීන් 02නෙක් කාන්තාවන් 02නෙක් මරුට

අද අලුයම අම්පාර නාමල් ඔය නිවසක සිදුකල වෙඩි තැබීමකින් කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අලුයම 2.45ට පමණ බවයි පොලීසිය පවසන්නේ.

දෙවන වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වන්නේ ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසක දීයි. එම වෙඩි තැබීමෙන් 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය ඝාතනයට ලක්ව ඇත.

මේ අතර කරාඬුගල පොලිස් ස්ථානය තුළ 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

එම සියදිවි නසාගත් පොලිස් නිලධාරියා විසින් 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයාට, කාන්තාවට සහ දියණියට වෙඩිතබා පසුව ඔහු ද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පහල කරයි.

මේ අතර සෙවණගල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *