වනිදු ගැන ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

වනිදු හසරංගගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමසමග පැවැත්වෙන ඉදිරි තරග දෙකෙන් වනිදුව ඉවත් කලබව ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි.
එම නිවේදනයේ සදහන් වන්නේ පළමු තරගයේ 10 වැනි පන්දුවාරය යවමින් සිටියදී වනිදුගේ පාදයේ ආබාධය හට ගත් බවයි. අද සිදුකල වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව වෛද්‍ය නිගමන අනුව වනිදුව විවේක ගන්වන බව නිවේදනයේ සදහන්වේ.