#විදෙස් පුවත්

නයිජීරියාවෙත් ජන අරගලයක් ඇරඹේ

නයිජිරීයාවේ කානෝ නගරයේ වර්ධනය වෙමින් පවතින ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සදහා වහාම ක්‍රියාත්මකවන පරිදි ඇදිරිනීතිය පැනවීමට කානෝ ආණ්ඩුකාරයා ක්‍රියාකොට ඇත.

උද්ඝෝෂකයින් රජයේ දේපල වලට හානි සිදුකිරීම නිසා කදුළු ගෑස් හා බැටන් ප්‍රහාරයක්ද එල්ල කිරීමට කානෝ පොලීසිය කටයුතු කල බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ජීවන වියදම දරාගත නොහැකි ලෙස වර්ධනය වීම හා රජය ගෙන යන අත්තනෝමතික ක්‍රියා පිළිවෙත පරාජය කිරීම සදහා රට පුරා උද්ඝෝෂණ සංවිධානය කරන ලෙස උද්ඝෝෂකයින් නයිජීරියා වැසියන්ගෙන් ඉල්ලා සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *