සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

අල්කයිඩා සංවිධානයට අනුබද්ධ අප්‍රිකානු අල් ෂබාබ් සංවිධානය සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළ ප්‍රදේශයේ හෝටලයක් තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකර ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි.
ප්‍රහාරයෙන් අනතුරුව වෙඩි හඩ පවා ඇසුණු බව සෝමාලියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති ඒජන්සි අනාවරණය කලා. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගණන මෙතෙක් වාර්තාවී නැහැ.