මීටර 800 දුවපු 50න් තරුෂි 45 වැනියා, අද තවත් චාන්ස් එකක්

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න සමස්ත ක්රීඩිකාවන් 50කින් 45 වැනි ස්ථානයට පත් වූනා.ඇය වාර්තා කාලය මිනිත්තු 2:07.76ක්. තරුෂි මීටර් 800 මුලික වටයේ තරගයෙන් අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් අද පෙරවරු 11.20ට යළි ‘රිපීචේජ් වටයේ’ තරගයට සහභාගී වීමට නියමිතයි.
19 හැවිරිදි තරුෂිගේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව මිනිත්තු 2:00.66ක් වුවද එය ඉක්මවා යෑමට ඊයේ දිනයේ හැකියාවක් ලැබුනේ නෑ. මීටර් 800 තරගයේ ක්රීඩිකාවන් 24ක් අවසන් පූර්ව වටයට තෝරා ගැනෙන අතර, පළමුව මූලික වට හයෙන් ජයග්රාහිකාවන් තිදෙනා බැගින් 18ක් ඊයේ දිනයේ අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලැබූවා.
මූලික වටයෙන් ඉවතට ගිය ඉතිරි 32 දෙනා අද යළි තරග කරන අතර, එයින් හොඳම කාලය වාර්තා කරන ක්රීඩිකාවන් 6ට අවසන් පූර්ව වටයේ දොරටු විවර වෙනු ඇත.