චන්ද්‍රිකා කලානම් රනිල්ට බැරි ඇයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීම වන හෙයින් වහාම වැඩබලන පොලිස්පති වරයෙක් පත්කොට ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
“හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිවරණ කොමසාරිස්වරයා අසනීප වූ අවස්ථාවේ සබරගමු පළාතේ සිටි පළාත් ප්‍රධාන ලේකම් වැඩබලන මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් කළා. ඒ ආකාරයෙන් මැතිවරණ අවස්ථාවක කටයුතු කළානම් පොලිස්පතිවරයකු පත් කිරීමට කිසිදු ගැටලුවක් නැහැ” මන්ත්‍රීවරයා එලෙස අතීත සිදුවීමක්ද සිහිපත් කලා.