#දේශීය පුවත්

ප්‍රාථමික උපාධිය වැඩක් නෑ අපි ඊට එහායින් හිතමු

දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව කෙසේ හෝ ඉක්මනින් තම දරුවාට ප්‍රාථමික උපාධිය ලබාදීම. නමුත් එම උපාධියෙන් අද හරි හමන් වැඩක් ගන්න බෑ. අපි තවත් ඉහල මට්ටමට මේ අධ්‍යාපනය ඔසවා තබන්න වුවමනායි යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.මාළිගාවත්ත ඵ්.ඪ්. සිරිසේන පිටියේදී පැවති ලංකා ගුරු සේවා සංගමයේ 2024 ජාතික ගුරු සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය. ” අපි ඉන්නේ කඩා වැටුන රටක, මේ රට ඉදිරියට ගෙනයන්න ඇති එකම විසදුම විධිමත් අධ්‍යාපනයකට අපේ දරු පරපුර රැගෙන යාම. අපි ඒක ආරම්භ කරන්න ඕන පාසැල් අධ්‍යාපනය තුලින්මයි. එළඹෙන මැතිවරණයෙන් අප ජයග්‍රහණය කල වහාම අධ්‍යාපනයේ එකී පුනරුද සමය ආරම්භ කරනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *