හර්කියුලිස් ගුවන් යානා දෙකකින් ඇමරිකානු පැසිෆික් ගුවන් භටයන් 70 සදුදා ලංකාවට එයි

අගෝස්තු 5 වන දා සිට අගෝස්තු 9 වන දා දක්වා මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් එක්ව ‘Atlas Angel’ යුද අභ්‍යාස පුහුණුවක් ලංකාවේදී පැවැත්වීමට නියමිත ය.
අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කල අතර අමෙරිකා තානාපතිනිය පැවසුවේ ආපදාවලට දේශසීමා අදාළ නොවන බව ත් ලොව පුරා ආපදා සිදුවන වාර ගණන සහ ඒවායේ ත්‍රීවතාවය වැඩි වෙමින් පවතින බවත්ය.
මේ පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, මොන්ටානා ප්‍රාන්ත හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘Atlas Angel’ අභ්‍යාසයෙහි විෂය කරුණු හුවමාරුව මගින් මානුෂිය ආධාර සහ ආපදා සහන පිළිබඳව උපායමාර්ගික පෙරදැක්මක් වර්ධනය කරන බව ය.