#දේශීය පුවත්

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලීසියෙන් කාර්යාල 670ක්

රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේ සිට ක්‍රියාත්මක වන මෙහෙයුම් මැදිරියද ඇතුළුව දිවයින පුරා පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 670ක් පිහිටුවීමට පොලිස් මූලස්ථානය පියවරගෙන ඇත.

මැතිවරණ පැමිණිලි භාර ගැනීම වාර්තා වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ක්ෂණික මැදිහත් වීම ඇතුළු වගකීම් රැසක් මෙම මෙහෙයුම් කාර්යාල වෙත පවරා ඇති අතර පොලිස් ස්ථාන මට්ටමින් මෙහෙයුම් කාර්යාල 602ක් ක්‍රියාත්මක කොට ඇත.

මැතිවරණ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි ප්‍රධාන මෙහෙයුම් කාර්යාල පිහිටුවීමට ක්‍රියාකර ඇති අතර පොලිස් කොට්ඨාස මට්ටමින් මෙහෙයුම් මැදිරි 45ක් ක්‍රියාත්මකය. මෙම සියලුම මෙහෙයුම් මැදිරි සදහා 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද අනුයුක්ත කොට ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *