#දේශීය පුවත්

ජන ඝණත්වය අනුව වන ගහනය 30% ක සීමාවේ ඇති ලොව රටවල් 03 අතර ලංකාවත්

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවට අමතරව දකුණු කොරියාව හා ජපානය පමණක් එවැනි වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යන බවද වන සංරක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය 2018 වන විට හෙක්ටයාර මිලියන 1.4 ක පමණ ගැසට් කර ඇති බවත් කඩිනමින් ගැසට් කලයුතු හෙක්ටයාර දෙලක්ෂ පනස්හය දහසක් පමණ පවතින බවත් නිලධාරීහු පවසයි. ඔවුන් මේ අදහස් පලකලේ 2020, 2021 හා 2022 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවූ අවස්ථාවේදියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *