ජපානය උණුසුම්

1898 වසරෙන් පසු ඉකුත් ජූලි මාසයේ ජපානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගිය බව ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
මෙය ජපානයේ සාමාන්‍ය උෂ්ණත්ව අගයට වඩා සෙල්සියස් අංශක දෙකයි දශම එකයි හයකින් වැඩිවීමක්.
පැසිෆික් සාගරයට ඉහළින් ඇති අධි පීඩන පද්ධතියක් සහ දකුණු ප්‍රදේශවල සිට හමා එන උණුසුම් වායුධාරා මගින් උතුරු ප්‍රදේශ ආවරණය වීම ජපානයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යාමට මූලිකවම හේතු වී ඇති බවයි, ජපාන කාලගුණ ඒජන්සිය පවසන්නේ.