ලංකාව ටිකක් ලොකු වෙලා

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 65610ක්වූ අතර එය මේ වන විට වර්ග කිලෝමීටර 67240 දක්වා ඉහළ ගොස් ඇතැයි මැනුම්පති සුදත් එල් පී පෙරේරා පවසයි.
ඔහු ප්‍රකාශ කල අන්දමට වැඩිවී ඇති වර්ගඵලය කිලෝමීටර 1630කි.මැනුම්පතිවරයා ශ්‍රී ලංකාවේ නව භූමි ප්‍රමාණය පිළිබද තොරතුරු ප්‍රකාශයට පත්කළේ ශ්‍රීලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවා අදට වසර 224ක් සපිරෙන උත්සව සභාව අමතමිනි.