ඇමරිකාව ඊශ්‍රායලයේ සහයට එයි

ඉරානයෙන් මෙන්ම හවුති,හිස්බුල්ලා,හමාස් වැනි ඕනෑම සංවිධානයකින් රාජ්‍යකින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට සීමාරහිතව එක්වෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩීන් ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. ඒ ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හා කල දුරකතන සංවාදයකදී බවයි පැවසෙන්නේ.මෙම සංවාදය හා උප ජනාධිපති කමලා හැරිස්ද එක්ව ඇති බව ධවල මන්දිර ආරංචි මාර්ග සදහන් කරයි.
බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් ඊශ්‍රායලයට එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති බවත් එහිදී ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු හමුදා කණ්ඩ යෙදවීම පිළිබඳවද සාකච්ඡාවී ඇති බවත් ධවල මන්දිරය ප්‍රකාශ කරයි.